දින දින ලකඹර බැබලේවා
නාමය රැව් පිලි රැව් දේවා...//
ලොව ආසිරි ලද විදුදත් වියතුන්
මේ ජය භූමිය ඇති කරවා......
වීර දූ පුතුන් බිහි කරවා
ජාතියෙ ජය කාහල නංවා
දින දින ලකඹර බැබලේවා
නාමය රැව් පිලි රැව් දේවා../
මොහදුර දුරුකර විදු අරුණෝදේ
ජීවය දී හද පන ගන්වා......
විජයරාජ විදුහල් ජනනී
ඉටු දේවිය සරසවි මතා
දින දින ලකඹර බැබලේවා
නාමය රැව් පිලි රැව් දේවා../
තබා පෙරට පා යවා ජය පතා
විජයභූමි වෙත මග පෙන්වා......
සැම දින සුරකිමු නමදිමු බැතියෙන
විජයරාජ විදුහල් ජනනී.................