ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන් සඳහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම පසුගිය නොවැම්බර් 24 වන දින ප්‍රාථමික අංශයේ එළිමහන් වේදිකාවේ දී සිදු කරන ලදි. එම අවස්ථාව සඳහා පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(පාලන) කේ.එල්.යූ. පාලිත මහතා හා ජාතික මට්ටමේ හෑන්ඩ්බෝල් පුහුණුකරු චමින්ද බණ්ඩාර මහතා සහභාගී විය. විරාජ සිසු අභිමන් ලෙසින් නම් කෙරුණු මෙම වැඩසටහනේ දී සිසු සිසුවියන් 40ක් සඳහා නිල ලාංඡන පැළඳවීම සිදු කරන ලදි.